Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Wednesday, January 19, 2011

5. Lots, Margins, Leverage හා Pips - 1

අද අපි කරන්න යන පාඩම ඉතාමත් වැදගත් එකක්. මේ පාඩමට පස්සේ අපිට practicals කරන්න පුළුවන්. මේ පාඩම මම කරන්න හිටියේ දවස් 2කට කලින් ඒ හදිස්සියේ වැ‍ටුනු වැඩ වගයක් කරන්න වෙච්ච නිසා ඒක කරන්න බැරි වුනා. මම හිතනවා ඔයාලා මාත් එක්ක තරහා නැතුව ඇති කියලා. එහෙනම් අපි කෙලින්ම වැඩේ පටන් ගමු.





ඔයාලාට මතක ඇති අපි කලින් post එකේ කරපු පාඩම. ඒකෙදි අපි Currency pairs ගැන ඉගෙන ගත්තා. හැම වෙලේම Currency pair එකක "ඉදිරීයෙන්" තියෙන Currency එකට අපි කියන්නේ "Base Currency" කියලා. ඒ වගේම "පසුපසින්" තියෙන Currency එකට කියන්නේ "Quote Currency" කියලා. Quote Currency එක Counter Currency කියලත් හඳුන්වන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් බලමු.

EUR/USD = 1.2345 මෙම Currency Pair එකෙහි Base Currency හා Quote Currency පෙන්වන්න.
Base Currency = EUR
Quote Currency = USD

මේ කරුණු ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනෙ. අපි එහෙනම් දැන් Lots කියන්නේ මොනාද කියලා බලමු. හිතන්න අපි පොළට ගිහිල්ලා "අල" ගන්නවා කියලා එතකොට අපි අල ගන්නේ කොහොමද? ගෙඩි ගානට ද? නෑ gram (Kilo gram) ගානට. එහෙම නේද? අන්න ඒ වගේ Forex Market එකේ අපි Currencies ගන්න unit එකට කියන්නෙ "Lot" කියලා.

Lot වලට Standard Lot කියලත් කියනවා. Lot එකක් කියන්නේ හැමවෙලේම 100,000ක්. මේ 100,000 මොකක්ද කියලා ඔයාලට තව ටිකකින් තේරෙයි. grams වල Kilogram, Miligrams තියෙනවා වගේ Lots
වලත් තියෙනවා Mini-Lots, Micro-Lots හා සමහර Brokersලා ලඟ Nano-Lots කියලා.

Lot (Standard Lot)
100,000
Mini Lot
10,000
Micro Lot
1,000
Nano Lot
100

දැන් කවුරු හරි කිව්වොත් EUR Lot එකක් ගන්නවා කියලා, ඒකෙ අදහස මොකක්ද? EUR Lot එකක් ගන්නවා කියන්නේ EUR 100,000 ගන්නවා කියන එක. එතකොට EUR Mini-Lot එකක් ගන්නවා කියන්නේ EUR 10,000ක් ගන්නවා කියන එක. මම හිතනවා දැන් ඔයාලාට Lots ගැන අවබෝධයක් ඇවිත් ඇති කියලා.

අපි දැන් පොඩි උදාහරණයක් බලමු. හිතන්න EUR/USD = 1.2345 කියලා. එහෙනම් EUR Lot එකක් ගන්න USD කොච්චර ඕනෙද?

EUR/USD = 1.2345
USD amount = 1.2345 X 100,000
= 123,450

ඒ කියන්නේ EUR Lot එකක් ගන්න USD 123,450ක් ඕනෙ. ඒ කියන්නේ ආසන්න වශයෙන් LKR 12,345,000 (USD/LKR = 100 නම්) විතර. ඉතින් කාටද දෙයියනේ මෙච්චර සල්ලි තියෙන්නේ. හැබැයි බයවෙන්න එපා, මෙන්න මෙතනදි තමයි අපිට "Leverage" කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ.

Leverage එක සාමාන්‍යයෙන් Forex වලදි දක්වන්නේ 100:1, 200:1 හෝ 400:1 ආදි වශයෙන්. අපි දැන් බලමු මේකෙ තේරුම මොකක්ද කියලා. 100:1 කියන එකේ අදහස තමයි, 100ක trade එකක් open කරන්න අවශ්‍ය වෙන්නේ 1ක් කියන එක. මේක අපි උදාහරණයකින් බලමු.

Leverage එක 100:1 නම් හා EUR/USD = 1.2345 නම් EUR Lot එකක් ගන්න අවශ්‍ය වන USD ගණන කීයද?
EUR/USD = 1.2345
Lot එකකට යන USD ගණන = 1.2345 X 100,000
= 123,450
Leverage එක 100:1 නිසා, USD = 123,450 / 100
ඒ නිසා උත්තරය වෙන්නේ 1,234.50

100:1 Leverage එක නිසා අපිට EUR Lot එකක්ම (ඒ කියන්නේ EUR 100,000ක් ම) ගන්න අපිට යන්නේ USD 1,234.50. දැන් අපි තවත් උදාහරණයක් බලමු.

Leverage එක 200:1 නම් හා EUR/CHF = 1.3006 නම් EUR Mini-Lot එකක් ගන්න අවශ්‍ය වන CHF ගණන කීයද?
EUR/CHF = 1.3006
Mini-Lot එකකට යන CHF ගණන = 1.3006 X 10,000
=13,006
Leverage එක 200:1 නිසා, CHF = 13,006 / 200
ඒ නිසා උත්තරය වෙන්නේ 65.03

ඒ කියන්නේ 200:1 Leverage එක නිසා අපිට EUR Mini-Lot එකක් (ඒ කියන්නේ EUR 10,000ක් ම) ගන්න අපිට යන්නේ CHF 65.03. මේ පාඩම තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. ඒ නිසා මේකේ නොතේරුනු තැනක් තියෙනවා නම් අනිවාර්‍යෙන්ම Comments section එක හරහා අහන්න.






2 comments:

  1. machan mata tyene xemarkets account ekak...eke micro account ekak...eke machan volume kyana thana tyene 0.01..ethakota metha lot eka kyada ..10 da....

    ReplyDelete
    Replies
    1. එක එක broker ලා එක එක විදිහට ඕක පෙන්වනවා. හොඳම වැඩේ තමයි එයාලට e-mail එකක් යවලා අහන එක. ඔයාට අහන්න තියෙන්නේ meta trader (හෝ trade කරන software එකේ) 0.01 කියන්නේ mini lotද, micro lotද, කියලා. ඒවගේම lot එක පෙන්වන්නේ කොහොමද කියලා.

      Delete