Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Tuesday, February 1, 2011

9. කොහොමද Demo Account එකක් open කරගන්නේ?

Forex Market එකේ trade කරන්න පාවිච්චි කරන්න පුළුවන් softwares ගොඩක් තියෙනවා. බොහොමයක් ලොකු Forex Brokersලා ඒ ගොල්ලන්ගෙම softwares අපිට ලබාදෙනවා trade කරන්න. කොහොම වුනත් අපි පාවිච්චි කරන්න යන්නේ "Metatrader" කියන software එක. මේ software එකේ version 4 තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකට හේතුව තමයි මේ software එකට අපිට පහසුවෙන් Indicators (Indicators කියන්නේ මොනාද කියලා මම ඉස්සරහට ඔයාලාට කියලා දෙනවා.) හොයාගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්නේ මේ software එක. අපි මේ Demo account එක open කරන්න යන්නේ "Easy Forex" කියන Forex Broker එකක්. මේ ගොල්ලෝ prices quote කරන්නේ දශමස්ථාන 4කින් (JPY pairs දශමස්ථාන 2කින්). පස්සේ අපි දශමස්ථාන 5කින් (JPY pairs දශමස්ථාන 3කින්) පෙන්වන Broker කෙනෙක් එක්කත් account එකක් open කරමු. එහෙනම් අපි Easy Forex එක්ක Demo account එකක් open කරමු.

1. මුලින්ම http://en.easy-forex.com/evo/Int/home.aspx වෙබ් අඩවියට පිවිසෙන්න.







2. ඊට පස්සේ "Trading Platforms" කියන heading ගාවට mouse cursor එක අරන් යන්න. එතකොට තවත් sub menu එකක් එනවා. ඒකෙන් "MT4" කියන එක click කරන්න.


3. දැන් එතන තියෙන "Download Now" කියන button එක click කරන්න. එතකොට "mt4setup.exe" කියලා file එකක් save කරන්න හෝ run කරන්න අහයි.

4. ඔයාල ඒ file එක run කලා නම් Metatrader 4 software එක install වෙන්න පටන් ගනී. ඔයාලා ඒ file එක hard disk එකට save කලා නම්, ඒ file එක හොයලා run කරන්න එතකොට Metatrader 4 software එක ඔයාලගේ computer එකට install වෙනවා. Installation එකේදී settings මොනවත් change කරන්න අවශ්‍ය නෑ
next කර කර යන්න තියෙන්නේ.


5. අන්තිමට finish button එක click  කරන්න. එතකොට ඔයාලට පහත දැක්වෙන screen shot එකට සමාන එකක් එන්න ඕනෙ.



6. ඔයාලට "Open an Account" කියන dialog box එක පේන්නේ නැත්නම්, Metatrader 4 software එකේ file menu එකට ගිහිල්ලා "Open an Account" කියන එක click කරන්න.


7. දැන් තියෙන්නේ "Open an Account" කියන dialog box එකේ ඉල්ලලා තියෙන details enter කරන එක. මේක Demo Account එකක් හින්දා ඇත්ත details enter කරන්න අවශ්‍ය නෑ. ඔයාලට ඕනෙ නම් ඔයාලගෙ ඇත්ත විස්තර ඇතුලත් කරන්න. හැබැයි මේකේ අන්තිම details 3 ඉතාමත් වැදගත්. ඒ කියන්නේ Account type, Leverage හා Deposit කියන ඒවා.

Account type: Forex-usd
Leverage: 1:100
Deposit: 3000

විදිහට select කරන්න. අපි Account type එක USD විදිහට select කරන්නේ අපිට ඉදිරියේ දි ඉගෙන ගන්න තියෙන theory පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන නිසා. ඔයාලා සමහර විට බලයි, Deposit කියන field එකේ 50,000 තියෙද්දි අපි 3,000 select  කරන්නේ ඇයි කියලා. මේකට හේතුව තමයි අපි අඩු ගණනකින් account එකේ trade කරලා පුරුදු වුනාම අපි real account එකක trade කරන්න යන කොට trade කරන්න ඕනෙ Lots ගණන් වරදින්නේ නෑ. මොකද අපිට එක පාරට USD 50,000 දාලා ඇත්ත account එකක trade කරන්න යන එක ඇඟට ගුණ නෑ. 



8. දැන් ඊට පස්සේ එන dialog box එකේ තියෙන Login, Password කියන විස්තර කොහේ හරි ලියලා තියාගන්න. ඊළඟට Finish button එක click කරන්න. 

9. සමහර විට ඔයාලට පහත දැක්වෙන ආකාරයේ dialog box එකක් දකින්න ලැබෙයි. එහෙම වුනොත් ඒකේ Start කියන button එක click කරන්න. 


ඒකෙන් කරන්නේ Metatrader 4 software එක update කරන එක. 

10. Update කරලා ඉවර වෙලා software එක restart කරාට පස්සේ පහත දැක්වෙන ආකාරයේ රූප රාමුවක් ඔයාලගේ screen එකේ තියෙන්න ඕනෙ.


එහෙනම් Metatrader ගැන වැඩි විස්තර ඊළඟ post එකෙන් ඉගෙන ගමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න අමතක කරන්න එපා. 



No comments:

Post a Comment