Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Friday, May 27, 2011

25. Stop Loss හා Take Profit - 2 (Money management Lesson - 2)

කලින් පාඩමෙන් අපි Stop Loss, Take Profit කියන්නේ මොනාද කියලා ඉගෙන ගත්තනේ. අද අපි බලමු Metatrader එකේ Stop Loss හා Take Profit කියන අගයන් අපි trade එකක් open කරද්දී දෙන්නේ කොහොමද කියලා.

එහෙනම් Metatrader එක open කරලා EUR/USD M15 chart එක ගන්න. ඊට පස්සේ අපි කලින් හදාගත්ත Standard colors කියන template එක load කරගන්න. (මේවා කරන හැටි මතක නැතිනම් 17 පාඩම බලන්න.) ඊට පස්සේ Auto scroll කියන button  එක uncheck කරලා Chart shift කියන button එක click කරන්න.



අපි Stop Loss කියන්නේ මොකක්ද කියලා දැනගත්තාට ඒකේ අගය හරියටම තීරණය කරන එක ලේසිපාසු වැඩක් නෙවෙයි. Forex trader කෙනෙක් සාර්ථක වෙනවද, නැතිනම් අසාර්ථක වෙනවද කියන එකට බලපාන එක සාධකයක් තමයි මේ Stop loss කියන එක. Take Profit  කියන අගයටත් වඩා වැදගත් මේ Stop Loss කියන එක. Stop Loss හා Take Profit කියන අගයන් එක්කෝ Pips ගණනක් විදිහට එහෙමත් නැතිනම් price එකක් විදිහටත් දක්වන්න පුළුවන්. ඒ වගේම Buy order එකක් කරද්දී Stop Loss එක තියෙන පැත්තයි Sell order එකක් කරද්දී  Stop loss එක තියෙන පැත්තයි වෙනස්. අපි උදාහරණ කීපයක් බලමු.




ඉහත රූපසටහන බැලුවාම ඔයාලට පැහැදිලි ඇති Sell order එකකදී Stop loss එකේ අගය අපි trade එක open කරපු price එකට වඩා වැඩි අගයක් ගන්න බවත්, ඒවගේම Take profit එකේ අගය අපි trade එක open කරපු price එකට වඩා අඩු අගයක් ගන්න බවත්. Buy order එකකදී මේකේ සම්පුර්ණයෙන් අනිත් පැත්ත. රූපසටහනේ Stop loss හා Take profit අගයන් දක්වලා තියෙන්නේ price එකක් විදිහට අපි කොහොමද ඒ අගයන් Pips වලින් දැනගන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු Sell order එක.

Stop loss in pips of a Sell order = (Stop loss price ) - (Sell order opened price)
= 1.4365 - 1.4326
= 40 Pips

එතකොට රූපසටහනේ විදිහට අපේ Stop loss එක Pips වලින් ගත්තාම අපි Pips 40ක Stop loss එකක් තමයි දාලා තියෙන්නේ. එතකොට Sell order එකේ Take profit එකේ අගය Pips වලින් කීයද?

Take profit in pips of a Sell order = (Sell order opened price) - (Take profit price)
= 1.4325 - 1.4265
= 60 Pips

එතකොට අපේ Take profit එක වෙලා තියෙන්නේ Pips 60ක්. ඒ කියන්නේ මේ දාලා තියෙන Sell order එකෙන් අපි Pips 40ක අවදානමක් අරගෙන Pips 60ක් හොයන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලමු Buy order එක දිහා.

Stop loss in pips of a Buy order = (Buy order opened price) - (Stop loss price)
= 1.4325 - 1.4285
= 40 Pips

Take profit in pips of a Buy order  = (Take profit price) - (Buy order opened price)
= 1.4385 - 1.4325
= 60 Pips

එතකොට අපිට පේනවා Buy order එකත් Sell order එක වගේ ම Pip 40ක Stop loss එකක් හා Pip 60ක Take profit එකක් තියෙනවා කියලා. 


Sell order එකක open කරන price එක 1.4352 නම්, හා Stop Loss එක Pips 50ක් හා Take profit එක Pips 100ක් නම්, Stop loss  එකේ price එකේ හා Take Profit  එකේ price එක කීයද? 


Sell order එකක Stop Loss එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා උඩින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා වැඩි අගයක් තමයි  Stop Loss එක වෙන්නේ.)  ඒ නිසා,


Stop Loss price = 1.4352 + 0.0050
= 1.4402


Sell order එකක Take Profit එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා පහලින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා අඩු අගයක් තමයි Take Profit එක වෙන්නේ.) ඒ නිසා,


Take Profit price = 1.4352 - 0.0100
= 1.4252



Buy order එකක open කරන price එක 1.3221 නම්, හා Stop Loss එක Pips 30ක් හා Take profit එක Pips 90ක් නම්, Stop loss  එකේ price එකේ හා Take Profit  එකේ price එක කීයද? 


Buy order එකක Stop Loss එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා පහලින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා අඩු අගයක් තමයි  Stop Loss එක වෙන්නේ.)  ඒ නිසා,


Stop Loss price = 1.3221 - 0.0030
= 1.3191


Buy order එකක Take Profit එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා ඉහලින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා වැඩි අගයක් තමයි Take Profit එක වෙන්නේ.) ඒ නිසා,


Take Profit price = 1.3221 + 0.0090
= 1.3311

තව එක උදාහරණයක් බලමු.

Buy order එකක open කරන price එක 90.51 නම්, හා Stop Loss එක Pips 30ක් හා Take profit එක Pips 90ක් නම්, Stop loss  එකේ price එකේ හා Take Profit  එකේ price එක කීයද? 

Buy order එකක Stop Loss එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා පහලින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා අඩු අගයක් තමයි  Stop Loss එක වෙන්නේ.)  ඒ නිසා,

Stop Loss price = 90.51 - 0.30
= 90.21

Buy order එකක Take Profit එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා ඉහලින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා වැඩි අගයක් තමයි Take Profit එක වෙන්නේ.) ඒ නිසා,

Take Profit price = 90.51 + 0.90
= 91.41

අන්තිම උදාහරණය පැටලිලි සහගතද? අන්තිම උදාහරණය සඳහා මම පාවිච්චි කලේ USD/JPY වගේ Quote currency එක JPY වෙන pair එකක price එකක්. මතකනේ ඒ වගේ Currency pairs වල prices දක්වන්නේ දශමස්ථාන 2කින්. 

දැන් ඔයාලට Stop Loss හා Take Profit අගයන් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මෙතන ඉඳලා මම Stop Loss කියන එක "SL" විදිහටත් Take Profit කියන එක "TP" විදිහටත් හඳුන්වන්නම්. Forex market එකේ එහෙම තමයි Stop Loss එකයි Take Profit එකයි හඳුන්වන්නේ. 

ඔයාලට මතක ඇති අපි කලින් පාඩමකදී Trade කරන හැටි පුරුදු වෙන්න පොඩි Trading strategy එකක් හදා ගත්තා. ඒ Strategy එකට අනුව අන්තිමට හැදුනු Candle එක red නම් Sell order එකකුත්, අන්තිමට හැදුනු Candle එක green නම් Buy order එකකුත් අපි කලා. අද අපි බලමු අපේ ඒ පොඩි Strategy එකට SL හා TP අගයන් ඇතුලත් කරගන්නේ කොහොමද කියලා. 

අපි අපේ TP අගය SL අගය වගේ 2 ගුණයක් විදිහට තමයි ගන්න යන්නේ. ඒ කියන්නේ අපේ SL අගය Pips 20ක් නම්, අපේ TP අගය Pips 40ක් වෙනවා. 

අපි මෙහෙමයි මේක කරන්න යන්නේ, දැනට හැදෙමින් පවතින Candle එක red Candle එකක් නම් ඒ Candle එකේ High අගයට වඩා Pip 1ක් වැඩියෙන් තමයි අපි අපේ SL අගය විදිහට ගන්න යන්නේ. දැනට හැදෙමින් පවතින Candle එක Green candle එකක් නම් ඒ Candle එකේ Low අගයට වඩා Pip 1ක් අඩුවෙන් තමයි අපි අපේ SL අගය විදිහට ගන්නේ. 

හරි එහෙනම් දැනට හැදෙමින් පවතින Candle එක හැදිලා ඉවර වෙච්ච් ගමන් අදාල විදිහට trade එක open කරන්න. Lots ගණන 0.1



මම කරලා තියෙන්නේ Buy order එකක් නිසා මගේ SL එක වෙන්නේ කලින් හැදුනු green candle එකේ Low price එකෙන් Pip 1ක් අඩුවුනාම එන ගණන. කලින් Candle එකේ Low price එක හොයාගන්න පුළුවන් ඔයාලාගේ Mouse cursor එක අර මම සුදුපාට ඊතලයකින් දක්වලා තියෙන තැනට අරන් ගියාම. ඒ කියන්නේ ඒ අදාල candle එකේ close price එක ගාවට.

මගේ Chart එක අනුව, මගේ green candle එකේ low price එක වෙන්නේ 1.4234 ඒකෙන් Pip 1ක් අඩුවුනාම 1.4233. ඒක තමයි මගේ SL එක. ඔයාලත් අදාල විදිහට ඔයාලගේ SL එක ගණනය කරගන්න. SL එක දන්නවා නම් අපිට TP හොයාගන්න දැන් පුළුවන් නේද? හැබැයි ඉස්සෙල්ලාම අපි trade එක open කරපු price එක දැන ගන්න ඕනෙ. ඒක අපේ Metatrader එකේ පහලම තියෙන Terminal කියන කො‍ටුවේ තියෙනවා. 


අපේ SL එකේ price එක 1.4233 නිසා අපේ SL එක Pips වලින් හොයන්න අපිට පොඩි calculation එකක් කරන්න වෙනවා. ඒකට තමයි අපිට අපි trade එක open කරපු price එක දැනගන්න ඕනෙ. හැබැයි ඒ රූපසටහනේ prices 2ක් දැක්වෙනවා.  මේ දෙකෙන් මම රවුම් කරලා තියෙන එක තමයි අපිට අදාල price එක , ඒ කියන්නේ Symbol කියන එකට ලඟින් තියෙන price එක. අනිත් price එකෙන් පෙන්වන්නේ දැන් price එක. අපේ price එක වෙන්නේ 1.4256 එහෙනම් අපි දැන් බලමු අපේ SL එක Pips වලින් කීයද කියලා. 

SL in Pips = 1.4256 - 1.4233
= 23 Pips

ඒ කියන්නේ අපේ SL එක Pips 23. අපි කලින් කිව්වනේ අපේ TP එක SL එක වගේ 2 ගුණයක් කියලා එහෙනම් අපේ TP එක වෙන්නේ Pips 46ක්. දැන් අපිට අපේ TP price එක හොයාගන්න පුළුවන්.

TP price = 1.4256 + 0.0046
= 1.4302

දැන් අපි දන්නවා අපේ SL price එක 1.4233 හා TP price එක 1.4302 කියලා දැන් අපිට තියෙන්නේ ඒ අගයන් 2ක අපේ order එකට ඇතුල් කරන්න විතරයි. 

මේක කරන්න ක්‍රම 2ක් තියෙනවා. එකක් තමයි Terminal window එකේ අපේ trade එක උඩ right click කරන එක. එතකොට එන Menu එකෙන් "Modify or Delete order" කියන එක select කරන්න ඕනෙ.


එහෙම නැතිනම් තියෙන්නේ අපේ order එකේ S/L  හෝ T/P වලින් දක්වලා තියෙන කො‍ටු දෙකෙන් එකක් double click කරන එක.


ඉහත රූපසටහනේ මම රතු පාට කො‍ටු 2කින් දක්වලා තියෙන්නේ ඒ තැන් 2ක. කොයි ක්‍රමයට කලත් ඔයාලට පහත දැක්වෙන ආකාරයේ window එකක් ලැබෙන්න ඕනෙ. 


ඊට පස්සේ කරන්න තියෙන්නේ අදාල කො‍ටුවලට අපි ගණනය කරගත්ත SL හා TP අගයන් ඇතුලත් කරලා Modify  කියලා තියෙන button එක click කරන එක. මේ Modify කියන button එක enable වෙන්නේ නැතිනම් ඔයාලගේ SL එකේ හරි TP එකේ හරි මොකක් හරි වැ‍රැද්දක් තියෙනවා. එතකොට check කරලා බලන්න වැරදිලාවත් Market price එක අපේ SL හෝ TP අගයට ලංවෙලාද කියලා. මොකද ඒ prices අතර අඩුම ගණනේ pips 4ක වත් වෙනසක් තියෙන්නේ ඕනෙ. 

එහෙනම් දැන් ඔයාලා SL හා TP කියන්නේ මොනාද? ඒවා කොහොමද Metatrader එකේ දී පාවිච්චි කරන්නේ කියලා දන්නවා. මම උදාහරණයට ගත්තේ Buy order එකක්, Sell order එකකදී මේකේ අනිත් පැත්ත. මම හිතන්නේ දැන් ගොඩක් දෙනෙක්ට තේරෙනවා. පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න. 

එහෙනම් මීළඟ post එකෙන් හමුවෙමු. 

No comments:

Post a Comment