Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Monday, January 31, 2011

8. කොහොමද අපි මේ Forex Market එකේ trade කරන්නේ?


ඇත්තම කිව්වොත් අපිට තව theory ඉගෙන ගන්න තියෙනවා. ඒත් මම දිගටම theory කරන්න ගත්තොත් ඔයාලට මේක හොඳටම boring වෙයි. මම දන්නවා ඔයාලා ඉවසිල්ලක් නැතුව බලාගෙන ඇති මේක කරන්නේ කොහොමද කියලා දැන ගන්න.

Forex Market එකේ පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් කියන්නේ ඇයි දන්නවද? Forex Market එකේ trade කරන්න අපිට අවශ්‍ය වෙන්නේ Computer (දැන් නම් අළුත් phones වලිනුත් trade කරන්න පුළුවන්) එකක්, Internet හා Telephone එකක් විතරයි. ඇත්තටම මේ ටික විතරක් නෙවෙයි Forex ගැන හොඳ දැනුමකුත් ඕනෙ. ඒත් හිතන්න අපි වෙන මොනා හරි Business එකක් පටන් ගත්තා කියලා, ඒ Business එක සාර්ථක කරගන්න Business දැනුමට අමතරව අපිට තව කොච්චර මහන්සි වෙන්න වෙනවාද? ඒ කරදර මොනවත් Forex වල නෑ. Forex වල තියෙන එකම කරදරය තමයි මේක හරියට ඉගෙන ගන්න එක. කමක් නෑ කොහොම හරි අපි මේක ඉගෙන ගන්න පටන් අරන්නේ තියෙන්නේ. බය නැතුව අපි ඉස්සරහටම යමු.

7. Lots, Margins, Leverage හා Pips - 3


ආ මට කියන්න අමතක වුනා Pip කියන නම හැදුනේ කොහොමද කියලා. Pip කියලා කියන්නේ Price Interest Point කියන එක. කලින් Blog post එකේදි අපි ඉගෙන ගත්තා Pip එකක් කියන්නේ JPY තියෙන Currency pairs වල 2 වැනි දශමස්ථානය හා අනිකුත් Currency pairs වල 4 වැනි දශමස්ථානය කියලා. හැබැයි දැන් ගොඩාක් Broker ලා prices quote කරද්දී JPY pairs දශමස්ථාන 3 කින් හා අනිකුත් Currency pairs වල price එක දශමස්ථාන 5 කිනුත් පෙන්වනවා. මේ 5වැනි (JPY pairs වල 3 වැනි) දශමස්ථානයට කියන්නේ Pipette එකක් කියලා. Pipette එකක් කියන්නේ Pip එකකින් 1/10ක්. උදාහරණයක් ගත්තොත් EUR/USD price එක 1.21506 සිට 1.21507 දක්වා වැඩි වුනා කියන්නේ EUR/USD price එක Pipette 1කින් වැඩි වුනා, එහෙමත් නැත්නම් Pip 0.1කින් වැඩිවුනා කියන එක. මේ Pipette කියන එක හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත් මොකද ගොඩක් වෙලාවට ආධුනික tradersලා මේක පටලවා ගන්නවා. ඒ ගොල්ලෝ හිතනවා දශමස්ථාන 5ක් තියෙද්දි 5වැනි දශමස්ථනය තමයි Pip එකක් කියන්නේ කියලා. අපි උදාහරණයක් බලමු.

Wednesday, January 26, 2011

6. Lots, Margins, Leverage හා Pips - 2

අපි කලින් post එකේදි Lots හා Leverage ගැන කතා කළා. අද අපි බලමු Margin හා Pips කියන්නේ මොනාද කියලා.

Leverage ගැන කතා කරද්දි අපි දැනගත්තා Leverage එක දක්වන්නේ 200:1, 100:1 හෝ 50:1 යන ආකාරයට කියලා. Leverage එකක් එක්ක trade කරන එකට තමයි Margin Trading කියලා කියන්නේ. ඇත්තටම Margin කියලා කියන්නේ හරියට deposit එකක් වගේ, ඒ කියන්නේ සමහර උපකරණ අපි කුලියට ගද්දි අපිට පොඩි මුදලක් ඒ ආයතනයේ තියන්න වෙනවා. මේකත් ඒ වගේ එකක්.

Wednesday, January 19, 2011

5. Lots, Margins, Leverage හා Pips - 1

අද අපි කරන්න යන පාඩම ඉතාමත් වැදගත් එකක්. මේ පාඩමට පස්සේ අපිට practicals කරන්න පුළුවන්. මේ පාඩම මම කරන්න හිටියේ දවස් 2කට කලින් ඒ හදිස්සියේ වැ‍ටුනු වැඩ වගයක් කරන්න වෙච්ච නිසා ඒක කරන්න බැරි වුනා. මම හිතනවා ඔයාලා මාත් එක්ක තරහා නැතුව ඇති කියලා. එහෙනම් අපි කෙලින්ම වැඩේ පටන් ගමු.

Monday, January 17, 2011

4. Forex හා Currencies - 3

Pound Crosses


Pair
අදාල රටවල්
කෙටි නම
GBP/CHF
Great Britain/Switzerland
Pound Swissy
GBP/AUD
Great Britain/Australia
Pound Aussies
GBP/CAD
Great Britain/Canada
Pound Loonie
GBP/NZD
Great Britain/New Zealand
Pound Kiwi


3. Forex හා Currencies - 2

පහුගිය දවස් වල හොඳටම busy වෙලා හිටියා ඒකයි post කරන්න බැරි වුනේ. එහෙනම් අපි වැඩි වෙලා නාස්ති නොකර කලින් post එකේ ඉතිරි කොටසට යමු.

ඔයාලට මතක ඇති මම කලින් post එකේදි Major Currencies ගැන කතා කරා. අපි දැන්
බලමු Forex Market එකේදි ඒවා හඳුන්වන විධිහ.

රටේ නම
මුදල් වර්ගය
Forexසංකේතය
කෙටි නම
United States of America
Dollar
USD
Buck
Great Britain
Pound
GBP
Cable
European Union
Euro
EUR
Fiber
Japan
Yen
JPY
Yen
Switzerland
Franc
CHF
Swissy
Canada
Dollar
CAD
Loonie
Australia
Dollar
AUD
Aussie
New Zealand
Dollar
NZD
Kiwi


Friday, January 14, 2011

2. Forex හා Currencies - 1

ඔයාලා මීට කලින් ලිපිය කියවලා Forex Market එක වැඩ කරන විධිහ ගැන පොඩි අවබෝධයක් ලබාගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාලාට ප්‍රශ්න තියෙනවා නම් Comments Section එකේ ඒවා post කරන්න. අද එහෙනම් අපි තවත් අළුත් දේවල් ටිකක් ඉගෙන ගමු.

Thursday, January 13, 2011

1. Forex කියන්නෙ මොකක්ද?


එහෙනම් අද Blog post එකේ ඉඳලා අපි Forex ගැන ඉගෙන ගන්න පටන් ගමු. මම ඇත්තටම කලින් හිතාගෙන හිටියේ Forex වල Theory side එක පොඩ්ඩක් කියලා දීලා ඊට පස්සෙ Practical පැත්තට බහින්න. ඒ උනාට ගොඩක් දෙනෙක්ට මේක කරන්න පටන් ගන්නකන් ඉවසිල්ලක් නෑ. ඒ නිසා අපි කෙලින්ම වැඩේට බහිමු. Theory, History වගේ තොරතුරු මම ඔයාලට ටික ටික මේ Blog එක හරහා කියලා දෙන්නම්. එහෙනම් කට්ටිය ලෑස්ති වෙන්න අළුත්ම Subject එකක් ඉගෙන ගන්න.

මේකට ඇත්තටම කියන්නෙ Forex Market කියලා. හරියට ලංකාවෙ අපට අහලා පුරුදු Share Market හෝ Stock Market එක වගේ. මේකට Forex කියලා වගේම FX Market, Currency Market කියලත් කියනවා. Market කිව්වාම අපිට එකපාරටම මතක් වෙන්නේ "පොළ" නේද? පොළේ මිනිස්සු සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා ඇහුවෙත් ඔයාලා කියයි "බඩු විකුණලා" කියලා. එතකොට මම Forex Market එකේ සල්ලි හම්බ කරන්නෙ කොහොමද? කියලා ඇහුවොත් ඔයාලා දෙන උත්තරය මොකක්ද? කමක් නෑ උත්තරය මමම කියන්නම්. Forex Market එකේ සල්ලි හම්බ කරන්නේ "සල්ලි" විකුණලා. දැන් සමහර විට ඔයාලා බලයි මේ මොන අපබ්‍රංසයක්ද කියලා. බය වෙන්න එපා මම පැහැදිලි කරන්නම්.

Wednesday, January 12, 2011

Forex ඉගෙන ගනිමු


"Forex වලින් මුදල් සොයමු" Blog අඩවියට ආපු ඔබලා සියලුම දෙනා මම ඉතාමත් සාදරයෙන් පිලිගන්නවා. Forex කියන්නෙ මේ දවස් වල බොහෝ දෙනෙක්ගෙ (විශේෂයෙන් Internet එකෙන් මුදල් සොයන්න උනන්දු වන අයගෙ) කතා බහට ලක් වෙච්ච මාතෘකාවක්.

බොහෝ දෙනෙක් මේක ගැන දැන ගන්න කැමති වුනාට තේරෙන බාසාවකින් Forex ගැන දැන ගන්න නොහැකි නිසා ලතවෙනවා. ඉංග්‍රීසි තේරෙන සමහර අයත් මේ Forex කොහෙන් පටන් ගන්න ද කියලා හිතා ගන්න බැරුව ඉන්නවා. මේ Blog එකෙන් මම උත්සහ කරන්නෙ Forex ගැන ඉගෙන ගන්න කැමති අයට ඒක මුල ඉඳන් පිලිවෙලකට සිංහලෙන්ම කියල දෙන්න.