ගොඩ කාලෙකින් post එකක් දාන්න බැරි වෙච්ච හින්දා කට්ටියට Forex අමතක වෙලාද දන්නෙත් නෑ. ප්රමාදයට සමා වෙන්න ඕනෙ. මට බොහොම සතුටුයි මම කලින් දාපු post එකට කට්ටියගෙන් ලැබුණු ප්රතිචාර වලට. කොහොම වුනත් මම කැමති නෑ ඔයාලා Forex හරියට දන්නේ නැතුව real account එකක trade කරන්න ගිහිල්ලා සල්ලි නැති කරගන්නවට. ඒ නිසා ඉස්සෙල්ලා ඉවසීමෙන් forex basics ටික ඉගෙන ගන්න. Demo account 500ක් හරි හදලා trade කරලා ඉස්සෙල්ලා demo account එකේ එක දිගට මාස 3ක් වත් profit හොයන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තමයි පොඩි ගණනක් දාලා real account එකක් open කරගන්න ඕනෙ. මට post එකක් දාන්න බැරි වෙච්ච කාලේ comments ගොඩක් ඇවිල්ලා තියෙනවා මම ඒවාට පස්සේ reply කරන්නම්. එහෙනම් අපි කෙලින්ම අද subject එකට බහිමු.