Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Friday, January 27, 2012

30. Risk Reward ratio (Money management Lesson - 3)


කලින් post එකෙන් මම කිව්වනේ ඔයාලා කැමති Moeny management ද Indicators ද කියලා කියන්න කියලා. කීපදෙනෙක්ම comments දාලා තිබුනා. හැබැයි මම හිතුවේ මීට වඩා feedback එකක් තියෙයි කියලා. කොහොම වුනත් comments දාපු ඔක්කොගෙම වගේ ඉල්ලීම වුනේ Money management. බොහොම හොඳ තේරීමක්, ඒ ඇයි කියලා මේ post එක ඉවර වෙද්දී ඔයාලට තේරුම් යයි.

Forex වලට ආධුනිකයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි "කොහොමද market price එක ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ?" කියන එක. මේක Forex අළුතින්ම ඉගෙන ගන්න අයට විතරක් නෙවෙයි අවුරුදු කීපයක් තිස්සේ Forex trade කරන අයටත් තියෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නිසා තමයි එයාලා එක එක ජාතියේ indicators පාවිච්චි කර කර, සාර්ථක trading strategy එකක් හදාගන්න උත්සාහ කරන්නේ. එක indicator එකක් කාලයක් වැඩ කරනවා, ඊට පස්සේ ඒකෙන් එක දිගට trades කීපයක් loss වුනාම තවත් indicator එකකට මාරු වෙනවා. ඒකත් හරියන්නේ නැතිනම් indicators කීපයක් පාවිච්චි කරන trading strategy හදාගන්නවා. ඔය විදිහට ගොඩක් tradesලා Moving averages, Fibonacci retracement, Bollinger bands, MACD, RSI, Elliot Waves, Heiken Ashi, Parabolic SAR, Pivots points වගේ මෙකී නොකී indicators බර ගාණක් අතරේ අතරමං වෙනවා. (Indicators නම් වලට බයවෙන්න එපා, ඉදිරියේදී අපි ඒවා ගැන කතා කරනවා.) සමහර අයගේ charts flight එකක cockpit එකක් වගේ, දැක්කම බයත් හිතෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ trading strategy එක තමයි Forex වලින් සාර්ථක වෙන්න අවශ්‍ය ලොකුම දේ කියලා. සාර්ථක trading strategy එකක් අවශ්‍යයි, හැබැයි ඒක එක කොටසක් විතරයි.

දැන් අපි ආපහු අර මුල් ප්‍රශ්නෙට ආවොත්, ඒ කියන්නේ "කොහොමද market price එක ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ?". උත්තරය තමයි ඒක දැනගන්න කිසිම විදිහක් නෑ, කියන එක. ඒක දැනගන්න විදිහක් තියෙනවා නම් පොඩි capital එකකින් පටන් අරන් අනිවාර්්‍යයෙන්ම අවුරුදු කීපයක් ඇතුලත ලෝකේ ලොකුම කෝටිපතියා වෙන්න පුළුවන්. (කතාවට කිව්වා නෙවෙයි ඇත්තටම) ඔය සාස්තර කියන අය forex කලා නම් මිනිස්සුන්ට සාස්තර කිය කිය ඉන්න ඕනේ වෙන්නේ නෑ, නේද? Market price එක ඉහල යයිද, පහල යයිද කියලා හරියටම දැනගන්න බැරි වුනාට, අපිට පුළුවන් පරණ charts බලලා (technical analysis), එක් එක් රටවල් වල economy එක (fundamental analysis) study කරලා educated guess එකක් ඒ කියන්නේ තොරතුරු අධ්‍යනය කල අනුමාන කිරීමක් කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් "අයියෝ forex කියන්නේ gamble (සූදුවක්) එකක් නේ" කියලා. ඒ විදිහට බැලුවොත් අද සමාජයේ තියෙන ගොඩක් දේවල් සූදුවක් වගේ තමයි. උදාහරණයක් විදිහට කෙනෙක් අළුතින් business එකක් පටන් ගන්නවා, එයාට වෙන්නේ loss එකක් ද profit එකක්ද කියලා දැනගන්න පුළුවන් business එක පටන් ගත්තට පස්සේ. කීදෙනෙක් business කරන්න ගිහිල්ලා සල්ලි නැතිකරගෙන තියෙනවද? එතකොට business කියන්නේ සූදුවක්ද? දෙමව්පීයෝ ළමයින්ට ගොඩක් සල්ලි වියදම් කරලා උගන්වනවා, ඒත් ඒ වියදම කරලා ඉගෙනගන්න අයගෙන් කීයෙන් කී දෙනාද ඒ අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගන්නේ. තවත් අය සල්ලි හා කාලය වියදම කරලා එක එක degrees කරනවා එයින් කීදෙනෙක් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන රස්සා  කරනවද? එහෙම බැලුවොත් ඉගෙන ගන්න එකත් සූදුවක් වගේ තමයි.

කරන්නන් වාලේ කලොත් ඒ හැම එකක්ම සූදුවක් වගේ තමයි. ඔයාලා නිකමට හිතන්න, ඉස්සර අපේ වැඩිහිටියෝ ළමයින්ට කියන්නේ Doctor කෙනෙක්, Lawyer කෙනෙක්, Engineer කෙනෙක් (දැන් නම් Cricketer කෙනෙක් වෙන්නත් කියනවා) වෙන්න කියලා. එහෙම කියන්නේ ඒ  පුද්ගලයෝ සමාජයේ සැපවත් ජීවිත ගතකරන නිසා. ඔයාලා හිතුවද එයාලා ඒ තත්වයට එන්න කොච්චර දුක්විඳලා තියෙනව ද කියලා? ගොඩක් සාර්ථක පුද්ගලයින්ගේ ජිවිත කථා බැලුවොත් ඔයාලට තේරේයි ඒ කට්ටිය කොච්චර ක‍ටු කාලා තියෙනවද කියලා. ඉතින් ඔයාලා හිතනවා නම් forex මාස 2-3කින් ඉගෙන ගෙන ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඒක විහිලුවක්ම තමයි. මම කියන්නේ කලබල වෙන්න එපා ඉවසීමෙන් ඉගෙන ගන්න එතකොට සාර්ථක forex trader කෙනෙක් වෙන්න හොඳ අඩිතාලමක් තනා ගන්න පුළුවන්. කොහොම වුනත් forex කියන්නේ සමහර අය හිතන් ඉන්නවා වගේ සූදුවක්වත්, scam එකක්වත් නෙවෙයි. හැබැයි ගොඩක් අය අවබෝධයක් නැතිව මේක කරන්න ගිහිල්ලා සල්ලි නැතිකරගෙන ඊට පස්සේ forex වලට බනිනවා. හරියට බැලුවොත් වැ‍රැද්ද එයාලාගේ. හොඳට මතක තියාගන්න forex කියන්නේ gold mine (රත්‍රන් ආකරයක්) එකක්. මේක හරියට අල්ල ගත්තොත් කොටිපතියෙක් වෙන එක කෙසේ වෙතත් සුවපහසු ජීවිතයක් ගත කරන්න අවශ්‍ය තරම් මුදලක් පහසුවෙන්ම සොයාගන්න පුළුවන්.


අනං මනං කතා කරා වැඩිද මන්දා? දැන් අපි අද lesson එකට බහිමු. ඒ කියන්නේ Risk and Reward ratio කියන මාතෘකාව. මේක ඉතාමත් වැදගත් සංකල්පයක්. දිගු කාලයක් තිස්සේ සාර්ථකව forex trade කරන tradersලා හැමෝම වගේ (පාවිච්චි කරන්නේ නැති අයත් ඉන්නවා හැබැයි ගොඩක් වෙලාවට එයාලා හරිම දක්ෂ scalpersලා) පාවිච්චි කරන සංකල්පයක්. ඔයාලා මේක ඔයාලගේ trading ක්‍රමයට ආදේශ කරගත්තොත් මට 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔයාලා සාර්ථක forex trader කෙනෙක් වීමේ මාර්ගයට වැටිලා කියලා.

Internet එකේ කොච්චර forex ගැන කරුණු තිබුනත් Risk:Reward ratio එක ගැන පැහැදිලිව විස්තර කරලා ලියැවුනු ලිපි අඩුයි. අධුනික tradersලා මේ ගැන කොහොමත් උනන්දු වෙනවා අඩුයි. මොකද indicators වල වගේ ලස්සන පාට පාට දේවල් මේකේ නෑ නේ. මමත් ඉස්සර මේක ගැන එච්චර අවධානයක් යොමු කලේ නෑ. ඒත් මේක ගැන හොඳට study කලාට පස්සේ මේකේ වැදගත්කම හොඳටම තේරුනා.

මේකෙන් කියන්නේ බොහෝම සරල දෙයක්. ඔයාලට මතකනේ අපි Stop Loss හා Take Profit ගැන කතා කලා. මේ Risk Reward ratio එකේ Risk කියන්නේ Stop Loss එකට, එතකොට Reward කියන්නේ Take Profit එකට. සාර්ථක Forex trader කෙනෙක් වෙන්න නම් අපි trades දාන කොට හැමවෙලේම Risk එකට වඩා Reward එක වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි SL 10pips කියලා දුන්නොත් TP එක 10pips හෝ ඊට වැඩි ගණනක් වෙන්න ඕනේ. මම 10pips කියලා ගත්තේ උදාහරණයක් විදිහට හරියටම SL එකේ අගය තීරණය වෙන්නේ ඔයාලා පාවිච්චි කරන trading strategy එක අනුව.


දැන් ඔයාලා බලයි මොකක්ද මේකෙන් වෙන මහ ලොකු වෙනස කියලා. හිතන්න අපි දවසට එක ගානේ මාසෙකට trades 20ක් කරනවා කියලා. ඒ හැම trade එකටම අපි අපේ account balance එකෙන් 1%ක් risk කරනවා කියලා හිතන්න. ඒ වගේම Risk Reward ratio එක 1:1 කියලා හිතන්න. 1:1 කියන්නේ SL 10pips නම් TP එකත් 10pips. (Risk percentage එක අනුව lot size එක ගණනය කරන්නේ කොහොමද කියලා මම මීළඟ ලිපියෙන් කියලා දෙනවා. දැනට ඔයාලා හිතන්න ඔයාලගේ account balance එක USD1000 නම් ඒකෙන් 1%ක් කියන්නේ USD10ක්, ඒ කියන්නේ trade එක loss වුනොත් ඔයාලට USD10ක පාඩුවක් වෙනවා. Risk Reward ratio එක 1:1 නිසා trade එක profitable එකක් නම් USD10ක ලාභයක් වෙනවා.) අපි trades 20ක් කරන නිසා අපිට ලාභ හෝ අලාභ වෙන්න පුළුවන් විධි 20ක් තියෙනවා. ඒ කියන්නේ එක්කෝ trades 20ම loss වෙන්න පුළුවන්, නැතිනම් trade 1ක් profitable වෙලා trades 19ක් loss වෙන්න පුළුවන්, trades 2ක් profitable වෙලා trades 18ක් loss වෙන්න පුළුවන්, trades 3ක් profitable වෙලා trades 17ක් loss වෙන්න පුළුවන් .... ඔය ආකාරයට trades 20ම profitable වීම දක්වා අවස්ථා 20ක් තියෙනවා. අපි ඒ අවස්ථා 20ම excel worksheet එකකට දාලා බලමු ඒ එක් එක් අවස්ථා වලදී අන්තිමට අපිට ලාභයක්ද, පාඩුවක්ද වෙලා තියෙන්නේ කියලා.



Worksheet එකේ ලා කහ පාටින් තියෙන කො‍ටුවල data enter කරන්න පුළුවන්. මේකේ "Risk percentage" කියන්නේ මම අර කලින් කියපු risk එක, "Risk reward ratio 1:" කියන්නේ Risk reward ratio එකේ ඉතිරි කොටස ඇතුලත් කරන්න කො‍ටුව. Risk reward ratio එක 1:1 නම් ඒ කො‍ටුවට එන්න ඕනේ 1, Risk reward ratio එක 1:2 නම් ඒ කො‍ටුවට එන්න ඕනේ 2. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි ඇති කියලා. Worksheet එකේ rows වලින් පෙන්වලා තියෙන්නේ අපි අර කලින් කතා කරපු අවස්ථා 20.  "No. of trades lost" කියන්නේ අපි loss කරගත්ත trades ගණන, "No. of trades won" කියන්නේ අපි profits ගත්ත trades ගණන, "Lost percentage" කියන්නේ අපි ලබාදීලා තියෙන Risk percentage එක හා Risk reward ratio එක අනුව කොච්චර loss  එකක් වෙලා තියෙනවද කියන එක, මේක ගණනය කරලා තියෙන්නේ ,

Lost percentage = (No. of trades lost) X (Risk percentage) X (-1)

"Won percentage" කියන්නේ අපි ලබාදීලා තියෙන Risk percentage එක හා Risk reward ratio එක අනුව කොච්චර profit එකක් වෙලා තියෙනවද කියන එක, ඒක ගණනය කරලා තියෙන්නේ,

Won percentage = (No. of trades won) X (Risk percentage) X (Risk reward ratio 1:)

අන්තිමට තියෙන "Net profit/loss percentage" කියන එක ගණනය කරලා තියෙන්නේ,

Net profit/loss percentage = (Lost percentage) + (Won percentage)

දැන් ඔයාලට worksheet එක බැලුවාම තේරුම් ගන්න පුළුවන් Risk එක 1% හා Risk reward ratio එක 1:1 නම් අපි trades 20ම loss කරගත්තොත් අපිට අන්තිමට 20% පාඩුවක් වෙනවා කියලා. ඒ කියන්නේ අපේ account balance එක USD1000ක් තිබුනා නම්, ඒ loss trades 20ට පස්සේ අපේ account balance එක වෙන්නේ USD800. දැන් මේ worksheet එක ඔයාලා හොඳට study කලොත් පෙනෙයි අපි trades 10ක් loss වෙලා trades 10ක් profit වුනොත් Net profit/loss percentage එක 0% කියලා. ඒ කියන්නේ ලාභයකුත් නෑ, පාඩුවකුත් නෑ කියන එක. Trades 9ක් loss වෙලා trades 11ක් profit වුනොත් අන්තිමට 2% ලාභයක් වෙනවා. ඒ කියන්නේ අපේ risk එක 1% හා risk reward ratio එක 1:1 නම් අපිට ලාභයක් ලබන්න නම් අපි trades 20ක් කලොත් අඩුම ගණනේ 11ක් වත් profitable trades වෙන්න ඕනේ. ඒක ප්‍රතිශතයක් වශයෙන් දැක්වුවොත්,

11/20 X 100 = 55%

ඒ කියන්නේ අපේ risk එක 1% හා risk reward ratio එක 1:1 නම් අපිට ලාභයක් ලබන්න නම් අපේ trading strategy එක අඩුම ගණනේ 55%වත් සාර්ථකත්වයක් තියෙන්න ඕනේ.


ඔයාලට මේ worksheet එක පහත දැක්වෙන link එකෙන් download කරගන්න පුළුවන්.

http://www.mediafire.com/?k5d9q9ypek5zelv

දැන් අපි බලමු risk එක 1% හා risk reward ratio එහෙමත් නැතිනම් R:R එක 1:1.5 තියෙද්දී (ඒ කියන්නේ SL 10pips නම් TP 15pips) අපි trades 20ක් කලොත් කොහොමද කියලා.



දැන් අපිට profitable වෙන්න අවශ්‍ය trades 20න් 9ක් profit වෙන එක විතරයි ඒ කියන්නේ 45% සාර්ථකත්වයක් ඇති trading strategy එකක්.

අපි ඊළඟට බලමු R:R එක 1:1.5 ම තියාගෙන Risk එක වැඩි කරලා. අපි risk එක 2% දීලා බලමු මොකද වෙන්නේ කියලා.







දැන් මොකද වෙලා තියෙන්නේ? අවශ්‍ය trading strategy එකේ සාර්ථකත්වයේ වෙනසක් නෑ. නමුත් අන්තිමට ලැබෙන profit එක වැඩිවෙලා නේද? දැන් ඔයාල කල්පනා කරයි මේකේ risk එක 10% විතර දැම්මොත් නියමයිනේ කියලා. නියමයි තමයි හැබැයි professional forex tradersලා අනුමත කරන උපරිම risk percentage එක 3%. ඒ ඇයි කියලා අපි ඊළඟ post එකේ දී කතා කරමු.


ඊළඟට අපි බලමු risk එක 2% හා R:R 1:2 (ඒ කියන්නේ SL 10pips නම් TP 20pips) නම් මොකද වෙන්නේ කියලා.

දැන් අපිට ඕනේ trades 20කින් 7 නේද? ඒ කියන්නේ අපේ trading strategy එක 35% වඩා සාර්ථක නම් අපිට profits හොයන්න පුළුවන්.


ඔයාලා worksheet එක download කරලා Risk percentage හා Risk reward ratio 1: කියන කො‍ටුවලට එක එක අගයන් දාලා බලන්න මොකද වෙන්නේ කියලා. හැබැයි real account එකක risk එක 3% වලට වඩා දාන එක අනුමත කරන්න බෑ. ඒවගේම R:R එක 3 වඩා වැඩි වුනාම ඒකට ගැලපෙන trading strategy එකක් හොයාගන්න අමාරුයි.

මම හිතනවා දැන් ඔයාලාට පැහැදිලි ඇති කියලා හොඳ risk reward ratio එකක් තියෙනවා නම් Indicators මාරු කර කර perfect trading strategy එකක්, forex වල විදිහට කියනවා නම් holy grail  එක හොයාගෙන යන්න අවශ්‍ය නෑ. Simple trading strategy එකක් පාවිච්චි කරලා ලේසියෙන්ම සාර්ථක forex trader කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන අමාරුම දේ තමයි තම තමන්ගේ trading strategy එකට ගැලපෙන විදිහට risk එක හා risk reward ratio එක හදාගන්නේ කොහොමද කියන එක. අපි ඉදිරියේ දී ඉගෙන ගන්න අනිකුත් පාඩම් එක්ක ඒක ටික ටික පහසුවෙයි.

මේ පාඩමේ තියෙන දේවල් පැහැදිලි නැතිනම් අහන්න. ඊළඟ පාඩමෙන් අපි Risk Management ගැන කතා කරමු.
------------------------------------------------------------------------------------------------------------


වෙනත් දෑ

Ramsess සහෝදරයා comment එකක link එකක් දාලා තිබ්බා. මම හිතනවා ඔයාලට ඒකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා. Link එක තමයි,

http://www.tradingacademy.com/taclasscontent_avafx.htm

හැබැයි volume පාවිච්චි කරලා trade කරන එක ගැන ඕනෑවට වඩා හිතන්න යන්න එපා. ඒකේ ඒ forex trader කියලා දෙන්නේ එයා පාවිච්චි කරන ක්‍රමය. ඔය volume තියා මොන indicator එකක්වත් නැතිව trade කරන professional forex tradersලා ඉන්නවා.
------------------------------------------------------------------------------------------------------------

සිංහලෙන් type කරන්න අමාරු අයට හොඳ software එකක් තියෙනවා Singreesi Unicode කියලා. මමත් ඒක තමයි පාවිච්චි කරන්නේ සිංහලෙන් type කරන්න. Link 2ක් තියෙනවා software එක ගන්න අවශ්‍ය නම් යන්න,

http://singreesi.vndv.com/

Google chrome එකේ extension එකක් විදිහට අවශ්‍ය නම් යන්න,

https://chrome.google.com/webstore/detail/enobjimolcbaplolgmplicbkllihadig

මේකෙන් සිංහල type කරන්න හරිම පහසුයි. "ක" ලියන්නේ "ka" විදිහට, අනිත් අකුරුත් ඒ වගේ. ඔයාලා try කරලා බලන්න. කවුරු වුනත් මේක කරපු කට්ටිය බොහොම උතුම් වැඩක් තමයි කරලා තියෙන්නේ. ඒ සහෝදරයින්ට මම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා.
-----------------------------------------------------------------------------------------------------------


ඊළඟට කියන්න යන දේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. Blog එකක් තියෙනවා LEARN FOREX MARKET IN SINGHALA කියලා. Link එක,

http://kdnk66forex.blogspot.com/

මම කට්ට කාගෙන ලියපු articles ටික ඒකේ ගෙඩි පිටින්ම තියෙනවා. කිසිම අමාරුවක් හා අවසරයක් නැතිව ලේසියෙන්ම copy කරලා. අඩුම ගානේ reference එකක් දැම්ම නම් දුක නෑ. ඒ copy කරන එකත් හරියට කරගන්න බැරි කෙනෙක් තමයි කරලා තියෙන්නේ. මට හිතෙන විදිහට එයා forex signal service එකක් පටන් ගන්න හදන්නේ. ඒවත් copy කරලාද දන්නේ නෑ දෙන්න හදන්නේ. කොහොම වුනත් මට කියන්න අවශ්‍ය වුනේ ඒ Blog එකයි මගේ Blog එකයි අතර කිසිම සම්බන්ධයක් නෑ  කියන එක.
-----------------------------------------------------------------------------------------------------------

තවදෙයක් තමයි දැන් හරියට Forex signals දෙන අය ඉන්නවා. Forex signal service එකක් කියන්නේ අපි Buy හෝ Sell orders කරන්න ඕනේ වෙලාවල් හා prices  ලබාදෙන service එකකට. මම දන්නේ නෑ ඔය forex signal services පාවිච්චි කරලා profits ගන්න පුළුවන්ද කියලා. හැබැයි මට වගකීමෙන් කියන්න පුළුවන් forex signal පාවිච්චි කරලා trade කරන අයට කවදාවත් සාර්ථක forex trader කෙනෙක් වෙන්න බෑ කියලා. නිකමට හිතන්න forex signal service එකක් තියෙනවා 100%ක්ම සාර්ථකයි, එයාලාගේ signal වලින් හොඳට profits හොයන්න පුළුවන් කියලා. ඔයාලත් පුරුදු වෙනවා ඒ signal වලට trades කරලා profits ගන්න. හදිසියේවත් ඒ forex signal service එක එක පාරටම වහලා දැම්මොත් මොකද වෙන්නේ. වැඩේ හබක් නේද? Forex වල සාර්ථක වෙන්න නම් කට්ටක් කන්නම වෙනවා. ඒ නිසා හිත හදාගෙන හරියට තමන්ම forex trade කරන්න පුරුදු වෙන්න.
------------------------------------------------------------------------------------------------------------

මම හිතනවා මේ Blog එකෙන් ඔයාලට forex ගැන යම් කිසි අවබෝධයක් ලැබෙනවා ඇති කියලා. මම කැමති ඔයාලා මේ Blog එක Facebook, Twitter, etc. Social media website වල share කරනවා නම්. මොකද එතකොට තවත් මේ ගැන ඉගෙන ගන්න කැමති කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසා. දිගටම blog එකත් එක්ක ඉන්න. එහෙනම් ඔයාලට ජයවේවා!


No comments:

Post a Comment