Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Friday, February 10, 2012

31. Risk management (Money management Lesson -4)


අළුත් post එකක් දාන්න පොඩ්ඩක් පරක්කු වුනා. සොරි වෙන්න ඕනේ. කලින් පාඩමේදී අපි කතා කලේ Risk reward ratio එක ගැන. බොහොම සරල සංකල්පයක් හැබැයි හරියට පාවිච්චි කලොත් ගොඩම තමයි. හැබැයි අනිත් හැමදෙයක්ම වගේ Risk reward ratio එකත් කරන්න ඕනේවට කලොත් සාර්ථකත්වය අඩුවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න කෙනෙක් හිතනවා R:R එක 1:2 පාවිච්චි කලොත් එයාගේ trading strategy එකත් එක්ක හොඳ profit එකක් හොයන්න පුළුවන් කියලා. නමුත් එයාගේ trading strategy එක අනුව වඩාත් ගැලපෙන්නේ 1:1.5 නම් එයා 1:2 R:R පාවිච්චි කරන එකෙන් එයාට ලැබෙන ලාභය අඩුවෙන්න පුළුවන්, ඒ විතරක් නෙවෙයි පාඩුවෙන්නත් පුළුවන්. 


මම කලිනුත් කිව්වනේ Forex හරියට කරන්න නම් පොඩි කට්ටක් කන්න වෙනවා කියලා. ඉතින් තමන්ගේ trading strategy එකට අනුව R:R එක හදාගන්න එකත් එකේ කොටසක්. අනිත් එක තමයි R:R එක හැමවෙලේම එකම අගයක් තියෙන්න ඕනේ නෑ. ඔයාලාගේ trading strategy එක අනුව trade එකෙන් trade එකට R:R අගය වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් එක trade එකකට  R:R 1:2 දීලා තවත් trade එකකදී R:R එක 1:1 දෙන්න. හැබැයි මෙහෙම කරන්න ඕනේ market price එක SL වගේ දෙගුණයක් ඉහලයයි කියලා ඔයාලාට හිතෙන්නේ නැති අවස්ථාවලදී. මෙහෙම කරද්දි හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලාගේ trading strategy එකේ සාර්ථකත්වය ඔයාලා පාවිච්චි කරන අවම R:R එකේදී profits හොයන්න අවශ්‍ය ගණන වෙන්න ඕනෙ. ඒ කියන්නේ ඔයාලා 1:1, 1:1.5, 1:2 වගේ R:R කීපයක් පාවිච්චි කලොත් ඔයාලාගේ trading strategy එකේ සාර්ථකත්වය අවම R:R එකේ දී ඒ කියන්නේ මේ උදාහරණයේදී 1:1 වලදී Profitable වෙන්න අවශ්‍ය  55% වෙන්න ඕනේ.


ඔයාලා R:R ratio එකත් එක්ක experiments කරද්දී හැම වෙලේම demo account එකේ trade කරන්න. Demo account එකේ මාස කීපයක් සාර්ථක වුනාට පස්සේ තමයි real account එකට බහින්න ඕනේ. සමහර අය හිතන් ඉන්නවා මේක මාස කීපයක් කරලා සාර්ථක forex trader කෙනෙක් වෙන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නම් හොඳයි. හැබැයි ගොඩක් වෙලාවට එහෙම වෙනවා ඉතාමත් අඩුයි. ගොඩක් අය ඉන්නවා එයාලා බොහොම ඉක්මනින් forex වලින් සල්ලි හොයනවා. ඒත් එයාලා වැඩි කල් යන්න කලින් ඒ සල්ලි ඔක්කොම නැති කරගන්නවා. ඒ වගේ දේවල් වලක්වා ගන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී කතා කරමු. එහෙනම් අපි අද පාඩමට යමු.


කලින් පාඩමේදී මම කතා කරපු risk එක ගැන ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. අර මම 1%, 2% කියලා කිව්වේ. මේ ගණන තමයි අපි trade එකක් දාලා ඒක loss වුනොත් අපේ account එකෙන් අඩුවෙන ප්‍රතිශතය. උදාහරණයක් විදිහට අපි හිතමු අපේ account එකේ balance එක USD500 කියලා. අපි trade එකකට risk කරන්නේ 1% නම් ඒ trade එක loss වුනොත් අපේ account එකෙන් අඩුවෙන්නේ අපේ account balance එකෙන් 1%, ඒ කියන්නේ USD5ක්. Trade එක profitable වුනොත් අපි අපේ R:R එක අනුව අපිට profits ලැබෙනවා. උදාහරණයක් විදිහට හිතන්න අපේ R:R එක 1:2 නම්, risk එක 1% හා account balance එක USD500ක් නම් අපි දාන trade එක profitable වුනොත් අපිට ලැබෙන ලාභය තමයි USD10 (1% X 500 X 2). ඒ කියන්නේ අපි USD5ක risk එකක් අරන් USD10ක් ලබාගත්තා කියන එක.

අද අපි බලන්න යන්නේ අපි කලින් තීරණය කල risk percentage එක අනුව අපේ Lot size එක, එහෙමත් නැතිනම් අපි trade කරන්න ඕනේ lots ගණන ගණනය කරන්නේ කොහොමද කියලා. හැබැයි මේක ගණනය කරන්න අපේ SL එකේ අගය අවශ්‍ය වෙනවා. අපි එහෙනම් උදාහරණයකින්ම මේක බලමු.

Account balance එක USD1000, risk එක 1%, SL 10pips නම් EUR/USD currency pair එකේ trade එකක් open කිරීමේදි දිය යුතු lots ගණන කීයද?


Risk එක 1% නිසා trade එක loss වුනොත් සිදුවිය හැකි අලාභය = 1% X 1000 = USD 10
SL 10pips නිසා Pip 1කින් සිදුවිය යුතු අලාභය = USD 10 / 10 pips = USD 1

මම හිතනවා ඔයාලට මතක ඇති කියලා අපි කලින් පාඩමකදී ඉගෙන ගත්තා අපේ account එකේ currency එක USD නම් USD Quote currency විදිහට තියෙන Currency pairs වල  Lot එකක් open කලොත් pip එකක වටිනාකම USD10, Mini lot එකකදී pip එකක වටිනාකම USD 1 ආදී වශයෙන් ලැබෙන බව. මතක නැති නම් බලන්න http://forexinsinhala.blogspot.com/2011/02/11-pips-1.html ඒ අනුව අපි ඉහත උදාහරණයේ විදිහට USD1000ක account එකක, SL 10pips නම් 1% risk එකක් සඳහා Mini Lot එකක් open කරන්න ඕනේ.

දැන් ඔයාලා දන්නවනේ අපිට හොයාගන්න තියෙන්නේ 1pip කින් සිදුවෙන ලාභය හෝ අලාභය කියලා. ඒ අනුව අපිට පුළුවන් අපේ lot size එක ගණනය කරගන්න. අපි බලමු තවත් EUR/USD උදාහරණයක්.

Account balance එක USD2573, risk එක 2% SL 7pips නම්, trade එකක් open කිරීමේදී දිය යුතු lots ගණන ගණනය කරන්න.


Risk  එක 2% නිසා trade එක loss වුවහොත් සිදුවිය හැකි අලාභය = 2% X 2573 = USD 51.46
SL 7pips නිසා Pip 1කින් සිදුවිය යුතු අලාභය = USD 51.46/ 7pips = USD 7.35



ඒ කියන්නේ අපිට mini lot 7.35ක් open කරන්න අවශ්‍ය වෙනවා. Metatrader එකේ නම් අළුතින් order එකක් open කරද්දී volume කියන ස්ථානයට 0.735 කියලා දෙන්න ඕනේ. හැබැයි අපිට එහෙම දාන්න පුළුවන් වෙන්නේ අපේ broker nano-lots වලට support කරනවා නම් විතරයි. හිතන්න අපේ broker support කරන්නේ micro-lots දක්වා විතරයි කියලා, එතකොට අපිට දෙන්න පුළුවන් volume අගය 0.73 කියලා. ඒ වගේ නිකමට හරි අපේ broker support කරන අවම lots ප්‍රමාණය mini-lots විතරක් නම් අපිට volume කියන තැන දෙන්න පුළුවන් 0.7 කියලා. මතක තියාගන්න හැම වෙලේම අඩු අගයට වටයන එක තමයි නුවණට හුරු.

මේ lot size එක ගණනය කරන්න අපිට සමීකරණයක් හදාගන්න පුළුවන්,

(Risk percentage) X (Account Balance) / (Stop Loss in Pips) = (order volume)

මේ order volume එක හැම වෙලේම එන්නේ Mini-lots වලින්, Standard Lots වලට හරවන්න ඒ අගය 10න් බෙදන්න ඕනේ. ගොඩක් brokerලා Metatrader එකේ volume කියන තැන අගය ඉල්ලන්නේ Lots වලින්. ඒ නිසා අපි order volume කියන අගය 10න් බෙදලා තමයි volume කියන තැනට දාන්න ඕනේ.

අපේ Account එකේ currency එක USD නම්, USD quote currency වශයෙන් තියෙන ඕනෑම currency pair (EUR/USD, AUD/USD, GBP/USD etc) එකක lot size එක ඉහත දක්වලා තියෙන සමීකරණයෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අනිකුත් currency pairs වලදී මේක ටිකක් වෙනස් වෙනවා ඒ ගැන අපි මීළඟ post එකෙන් කතා කරමු.


No comments:

Post a Comment