Subscribe

අළුත්ම Blog posts ඔබගේ E-mail ලිපිනය වෙත ලබා ගැනීමට ඔබගේ E-mail ලිපිනය පහත කො‍ටුවේ ඇතුලත් කරන්න.

To get the latest blog posts on your E-mail, please enter your E-mail address below.

Delivered by FeedBurner

Friday, March 9, 2012

32. Risk management - 2 (Money management Lesson -4)


කට්ටියටම ඉස්සෙල්ලාම කියන්න ඕනේ veryම very sorry කියලා. ආයෙමත් වැඩේ පොඩ්ඩක් දෙල් වුනා. හිතපු නැති වැඩ වගයක් එකපාරටම  set වුනා. දැන්වත් වැඩේ පිළිවෙලකට දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.  Comments ගොඩක් ඇවිල්ලා තියෙනවා. මම ඒවාට හෙමීට reply කරන්න නම්.

කලින් පාඩමේදී අපි ඉගෙන ගත්තේ USD quote currency  විදිහට තියෙන currency pairs වලදී අපේ risk එක අනුව  lot size එක ගණනය කරන්නේ කොහොමද කියන එක. අද අපි බලමු USD base currency එක විදිහට තියෙන currency pairs වල හා  USD ඇත්තෙම නැති currency pairs වලදී අපේ lot size එක ගණනය කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි උදාහරණයකින්ම වැඩේ පටන් ගමු.


Account balance එක USD3500 හා risk  එක 3%, SL 13pips නම්,  trade එක open කිරීමේදී දිය යුතු lots ගණන කීයද? 

මතකනේ මම කලින් කියලා දීපු සමීකරණය, මතක නම් ඔයාලට ලේසියෙන්ම අවශ්‍ය mini lots ගණන හොයාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඒ කොහොමද කියලා.

(Order volume in mini lots) = (Risk percentage) X (Account balance) / (Stop loss in Pips)


Order volume = (3% X 3500)/13
= 8.07


උත්තරය වෙන්නේ 8.07 mini lots. 

හැබැයි මම කලිනුත් කිව්වා වගේ මේ විදිහට ලේසියෙන්ම උත්තරය ගන්න පුළුවන් වෙන්නේ USD quote currency එක විදිහට තියෙන currency pairs වලදී විතරයි. ඒ කියන්නේ EUR/USD, AUD/USD, GBP/USD වගේ ඒවාගේ විතරයි. මොකද මම කලින් පාඩමකත් කියලා දීපු විදිහට තමන්ගේ forex account එකේ currency එක USD නම් USD quote currency එක විදිහට තියෙන ඕනෑම currency pair එකක pip එකක වටිනාකම  mini lot එකකදී USD1, standard lot එකකදී USD10 වගේ තමයි එන්නේ.


අපි හිතමු අපි trade කරන currency pair එක USD/JPY කියලා. එතකොට කොහොමද අපි අපේ risk එකට අනුව lot size එක ගණනය කරන්නේ. USD quote currency  එක විදිහට තියෙන currency pairs වගේ නෙවෙයි USD base currency එක විදිහට තියෙන currency pairs වල pip එකක වටිනාකම currency pair එකේ price එකත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා අපි මේකේ lot size එක ගණනය කරද්දී pip එකක වටිනාකම හොයාගන්නත් සිද්ධ වෙනවා. අපි එහෙනම් උදාහරණයක් බලමු.

USD/JPY = 81.66, account balance = 4200, risk percentage = 2%, SL= 10pip, නම් lot size එක ගණනය කරන්න.


ඉස්සෙල්ලාම අපි  mini lot එකකදී pip එකක වටිනාකම USD වලින් හොයාගන්න ඕනේ. 


Pip එකක වටිනාකම (mini lot එකකදී) USD වලින් =( 0.01 X 10000)/81.66
= 1.2245


ඊට පස්සේ අපිට පහත සමීකරණය පාවිච්චි කරලා උත්තරය ලබාගන්න පුළුවන්,

(Order volume in mini lots) = ((Risk percentage) X (Account balance)) /((SL in pips) X (Value of a pip in USD in a mini lot))
= (2% X 4200)/(10X1.2245)
= 6.8599
=6.86


එතකොට අපිට උත්තරය එනවා mini lots 6.86 කියලා. 



මේ ගණන් සමහර අයට ලොකු ගණන් වගේ පෙනෙයි. හැබැයි හොඳට බැලුවොත් තේරෙයි මේවා හරිම සරල ගණනය කිරීම් කියලා. සාර්ථක forex trader කෙනෙක් වෙන්න නම් මේවා ඉගෙන ගන්න එක අත්‍යාවශ්‍යයි. ඒ නිසා ගැටළු සහගත තැන් තියෙනවා නම් අහලා පැහැදිලි කරගන්න. එහෙනම් අපි තවත් උදාහරණයක් බලමු.

USD/CHF = 0.9109, Account balance = 5000, Risk percentage = 2.5%, SL in pips = 20 calculate the lot size.


ඉස්සෙල්ලාම කලින් වගේ mini lot එකකදී pip එකක වටිනාකම USD වලින් හොයමු.


Valu of a pip in USD in a mini lot = 0.0001 X 10000 / 0.9109 
=1.0978


දැන් අපිට පුළුවන් කලින් සමීකරණයට දාලා උත්තරය හොයාගන්න.


(Order volume in mini lots) = ((Risk percentage) X (Account balance)) /((SL in pips) X (Value of a pip in USD in a mini lot))
=(2.5% X 5000)/(20 X 1.0978)
= 5.693
=5.7


අපිට උත්තරය එනවා mini lots 5.7 කියලා. 



දැන් අපි බලමු USD පළාතකවත් නැති currency pair එකකදී අපි අපේ risk එකට අනුව lot size එක ගණනය කරන්නේ කොහොමද කියලා.

මෙහෙම අවස්ථාවකදී currency pair එකේ pip එකක වටිනාකම USD වලින් හොයන්න නම්, අපි පාවිච්චි කරන currency pair එකේ currency 2කින් එකක් USD හා සම්බන්ධ වෙන currency pair එකක් price එක දැනගෙන ඉන්න ඕනේ.

උදාහරණයක් විදිහට EUR/GBP currency pair එක ගත්තොත්, එකේ mini lot එකකදී pip එකක වටිනාකම හොයන්න අපි අනිවාර්්‍යයෙන්ම EUR/USD හෝ GBP/USD වල price එක දැනගෙන ඉන්න අවශ්‍ය වෙනවා.

අපි දෙවිදිහටම ගණන් හදලා බලමු.

EUR/GBP = 0.8368, GBP/USD = 1.5808, mini lot එකකදී pip එකක වටිනාකම  USD වලින් හොයන්න. 

= 0.0001 X 10000 X 1.5808
=1.5808

EUR/GBP = 0.8368, EUR/USD = 1.3229, mini lot එකකදී pip එකක වටිනාකම USD වලින් හොයන්න.

=((0.0001 X10000)/0.8368 ) X 1.3229
= 1.5809

ඔයාලා Metatrader එකෙන් මේ currency pairs 3නේ  prices  අරන් ගනන් හදලා බැලුවොත් පෙනෙයි උත්තර 2කම ඉතාමත් ආසන්න වශයෙන් සමානයි කියලා.

ඒ අගය හොයාගත්තට පස්සේ,

(Order volume in mini lots) = ((Risk percentage) X (Account balance)) /((SL in pips) X (Value of a pip in USD in a mini lot)) සමීකරණය පාවිච්චි කරලා ඔයාලට උත්තරය හොයාගන්න පුළුවන්.

මේකෙන් දැනට මම Money management පාඩම් ටික නවත්වනවා. ඔයාලට තවත් උදාහරණ අවශ්‍ය නම් කියන්න. මේ මම කරපු money management පාඩම් හරිම වැදගත්. ඔයාලා දැන්ම මහන්සිවෙලා මේවා ඉගෙන ගත්තේ නැතිනම් මේක ගැන ඔයාලා උනන්දු වෙනකොට පරක්කු වැඩි වෙලා තියෙයි. මම මේ කියලා දීලා තියෙන විදිහට money management කරන අයට leverage එක ගැන කරදර වෙන්න දෙයක් නෑ. ඕනෑවට වඩා leverage එක ගැන හිතලා trade කරන අය වහාම තමන්ගේ money management එක ගැන අවදානය යොමු කරන්න ඕනේ. දිගු කාලයක් forex සාර්ථකව trade කරන කිසිම trader කෙනෙක් 100:1 වලට වඩා leverage එකක් පාවිච්චි කරන්නේ නෑ. වරදවා තේරුම් ගන්න එපා, මම මෙහෙම කියන්නේ ඔයාලගෙම හොඳට.

මීළඟ post එකේ ඉඳලා ඔයාලා පුල පුලා බලන් හිටපු indicators ගැන පාඩම් ටික මම පටන් ගන්නවා. එහෙනම් ප්‍රශ්න තියෙන අය අහන්න. ජයවේවා!


No comments:

Post a Comment